අධිවේගී මාර්ගයේ රියදුරන්ට දැනුම්දීමක්.

Sri Lanka Southern Province Weather
By Hashini Oct 14, 2023 11:42 AM GMT
Hashini

Hashini

Report

 මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරන්නේ වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සිට ඉමදූව අතර මංතීරු 2ක් විවෘත බවයි.

පසුගියදා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධීවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ග කොටසේ කිලෝමීටර 101.3 ස්ථානයේදී නායයාමක් සිදු වුණා.

ඒ හේතුවෙන් පින්නදූව සිට ඉමදූව අතර වාහන ගමනාගමනය සඳහා වසා දැමු අතර, පසුව පිරිසිදු කිරිමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්ෂණයෙන් පසු අධිවේගී මාර්ගයේ කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසටම ගමන් කල හැකි විවෘත කරනු ලැබුවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ තවදුරටත් කුණු පස මංතීරු 02 වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බවයි.

මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී මහජනතාව වෙත දැනුම් දෙන බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.


ReeCha