සීගිරිය ගැන අලුත් සැලැස්මක්

Report

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයට ලක් ව ඇති ලෝක උරුම සීගිරියේ සංවේදී කලාපය සංරක්ෂණය සහ සංවර්ධන කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින් සැඳුම්ලත් අන්තර් ආයතනික කමිටුවෙන් සීගිරි උරුමය සුරැකීමේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා වෙත භාර දී ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ දීයි. එහිදී අමාත්‍යව‍රයා අදහස් දක්වමින් කියා සිටියේ සිගිරි පර්වතයේ සිට මීටර් 200 – 400 කලාපය ඉතා සංවේදී කලාපයක් බවයි.

එනිසා එම කලාපය ඇතුළත ජිවත්වන ජනතාව සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට සහ වාසස්ථානවලට විකල්ප ලබා දෙමින් ඔවුන් එම ස්ථානවලින් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

එසේම පුරාව්ද්‍යා ස්ථාන සංරක්ෂණය කරමින් සංවර්ධර්ය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී සළකා බලන බව ඔහු පවසයි.

ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පා ගැටෙන මෙම බිම අනාගතයට භාර දිය යුතුවන්නේ ඉතා දියුණු සැලැස්මක් සමඟ නිසා සීගිරි චිත්‍ර,පර්වතය,කුරුටු ගී මෙන්ම සීගිරි අවට කිලෝ මීටර් 6 -7 පමණ වන හරිත භූ දර්ශණය රැක ගත් යුතු බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.   

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්