බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීමට අනුමැතිය

Report

බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනය සහ එය දිගුකාලීනව පවත්වා ගැනීම සඳහා නව්‍ය ප්‍රවේශයන් ගවේෂණය කිරීමේ වැදගත්කම රජය හඳුනාගෙන ඇත.

ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ අංශයක් ලෙස හඳුනාගෙන ඇතත්, ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ දුර්වලතා නිසා එම ක්ෂේත්‍රයට ආයෝජන ලැබීමේ පසුබෑමක් දක්නට ලැබෙන බව සඳහන් වේ.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

ජනාධිපතිවරයා 2026 අයවැය මගින් තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් අවශ්‍ය බව අවධාරණය කර තිබේ.

මෙම පසුබිම තුළ, ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග සහ ප්‍රතිඵල ලබාදීමේ රාමු එකිනෙකට අනුකූලව බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. මෙම කමිටුව ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුක්ත වනු ඇත. 

ඉරාකයේ ෂියා මුස්ලිම් හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් අන්බාර් අණදෙන නිලධාරියා ඇතුළු 15 දෙනෙකු මරුට

ඉරාකයේ ෂියා මුස්ලිම් හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් අන්බාර් අණදෙන නිලධාරියා ඇතුළු 15 දෙනෙකු මරුට

සජින් වාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සජින් වාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ