අවසර නැතිව ඇමතිලාට තානාපතිලා හමුවන්න බෑ.. – නව චක‍්‍රලේඛයකුත් නිකුත් කරලා.

Government Of Sri Lanka Dayasiri Jayasekara Bimal Rathnayake
By Wayomi Jan 09, 2025 09:15 AM GMT
Wayomi

Wayomi

Report

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු අමාත්‍යවරයෙකුට, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට, ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයෙකුට විදේශ තානාපතිවරුන් සමඟ සාකච්චා පැවැත්විය නොහැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයේ නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළා.

ඒ අනුව ඇමතිවරුන් විදේශ තානාපතිවරුන් හමුවීම, අවශ්‍යතා සන්නිවේදනය කිරීම, සහාය ලබා ගැනීමට සීමා කර ඇත.

එමෙන්ම මෙරට ව්‍යාපෘති සඳහා වෙනත් රටවල් සමඟ අරමුදල් සැපයීමට පෙරදී පහසුකම් සැලසූ බවත් එවැනි උත්සාහයන් පවා මේ හරහා නතර කර ඇති බවත් මෙය ලංකාව දැන් උතුරු කොරියාව මෙන් වී ඇති බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියා.

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

මේ අතර අදාල චක‍්‍රලේඛයෙන් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සමඟ පෞද්ගලික සංචාර සඳහා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කිරීම හොද දෙයක් බවත් ඔහු සඳහන් කළා.

නමුත් ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, තමන් මෑතකදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමුවූ බවත් එවැනි සීමාවක් ක්‍රියාත්මක නොවන බවත්ය.

එමෙන්ම ඊට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර සඳහන් කළේ, චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්ල බිමල් රත්නායකට ඉක්මනින් දැනුම් දෙන බවත්,එවැනි සීමාවන් රජයට සහ එහි අමාත්‍යවරුන්ට ගැටළු ඇති කළ හැකි බවත්ය.

2025 මාලිමා ආණ්ඩුවේ වියදම් ලිස්ට් එක මෙන්න. - විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් වෙන්වෙලා තියෙන්නේ මෙහෙමයි.

2025 මාලිමා ආණ්ඩුවේ වියදම් ලිස්ට් එක මෙන්න. - විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් වෙන්වෙලා තියෙන්නේ මෙහෙමයි.


You May Like This Video

 

ReeCha