2025 මාලිමා ආණ්ඩුවේ වියදම් ලිස්ට් එක මෙන්න. - විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් වෙන්වෙලා තියෙන්නේ මෙහෙමයි.
By Wayomi
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)
ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,218ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
* එහිදී රු බි 382ක ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත වෙන්කර ඇත.
* අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 206ක මුදලක් වෙන් කර ඇත..
* සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 412.9ක් වෙන් කෙරේ.
* මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රු. බි 484.9ක මුදලක් වෙන්කර තිබෙනවා.
* කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා රු බි 83.8ක මුදල් වෙන්කර ඇත.
සම්පූර්ණ විසර්ජන පනත් කෙටුම්පත පහතින්,