තියුණු ආයුධයකින් පහරදී සිදු කල ඝාතනයක්..
By Piyumika
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා විය.
ඊයේ (12) උදෑසන කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ .
එලෙස මියගොස් ඇත්තේ, කම්මල්යාය, කොටියාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු තවත් පුද්යෙකු සමග අති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටියාගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.