ගොල්ෆේස් අරගලයේ ආරම්භක සාමාජිකයෙක් හදිසියේම මියයයි. (PHOTO)
By Wayomi
ගොල්ෆේස් අරගලයේ ආරම්භක සාමාජිකයෙකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඔහු ලිපියකින් තම අවසන් කැමැත්තද සඳහන් කර නිහඬව සිය දිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙත්ත අදාළ ලිපිය යැයි පවසන ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර එය ව්‍යාජ එකක් බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.
බුද්ධි ප්‍රබෝධ අරගල භුමියේ සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරමින් ඉදිරිපෙළ රැදෙමින් අරගලයට ශක්තියක් වී සිටි අයෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
