සඳුදා වොෂින්ටනය දැවෙයි - සෙලෙන්ස්කි හා ට්‍රම්ප් අතර හමුවක්

Report

යුක්රේන යුද්ධය නිමා කිරීමේ තවත් එක් පියවරක් ලෙස, යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සඳුදා (18) වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතය.

මෙම හමුව තීරණය වී ඇත්තේ, නායකයන් දෙදෙනා අතර පැවති දීර්ඝ දුරකථන සංවාදයකින් අනතුරුවය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර පැවති සමුළුවකින් පසුව මෙම හමුව සංවිධානය කර ඇත.