සිංගප්පූරුවේ සාප්පු සවාරි යන්න හීන දකින ඔයාට සුබම සුබ ආරංචියක්...
ජෙට් ස්ටාර් ගුවන් සේවය මගින් ක්‍රියාත්මක, Q ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අඩු වියදම් පළමු මංගල ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලදී .
අද පෙරවරු 10.15 ට සිංගප්පූරුවේ සිට ජෙට් ස්ටාර් ගුවන් සේවයේ 3 කේ 333 දරන ගුවන් යානය මෙලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම මංගල ගුවන් ගමන සදහා ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු ද පැමිණ තිබුණ අතර ගුවන් යානය, ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූවා.
සතියකට දින 05 ක් එනම් සදුදා, බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.
එමෙන්ම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.