සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

Report

ඊයේ (18) පස්වරුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් රියදුරෙකුට වෙඩි වැදී ඔහු මිය ගිය පුවතක් වාර්තා විය.

සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | A Lorry Driver Died In Narammala Area

පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයක් නාරම්මල ප්‍රදේශයේ දී හඹාගොස් නවතා ගැනීමට නාරම්මල පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබිණ.

පසුව අදාළ රියදුරාව පරීක්ෂා කිරීමේ දී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් අදාළ රියදුරාට වෙඩි වැදී ඔහු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගැණින.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එලෙස අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරවයාව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කරනු ලැබුවේ ය.

ඒ අද (19) ඔහුව නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | A Lorry Driver Died In Narammala Area

එම සිදුකළ වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙකු වන 41 හැවිරිදි තිදරු පියෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මිය ගියේ මහරච්චිමුල්ල - වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

මෙම නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ දී පොලිස් නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියාකර ඇත්දැයි සොයා බැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා තිබෙනවා.

වීඩියෝ දර්ශන - Hiru News


.