උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්න යයි..උපාධි ලාභීන්ටත් මෙන්න අවස්ථාවක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Aruna Aug 28, 2023 06:00 AM GMT
Aruna

Aruna

Report

උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂයයන් කිහිපයක් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනෙන්නේ දෙවසරක කොන්ත්‍රාත් කාලයකටය.

මෙම ඉල්ලීමට අදාළ මහා භාණ්ඩාගාර නිරීක්ෂණ මෙම සතියේ ලැබීමට නියමිතයි.

මේ අතර උපාධිධාරීන් පන්දහස් හාරසියය දෙනෙක් (5402) ගුරු සේවයට බඳවා ගැනීමේ කටයුතුද සිදු කෙරෙමින් පවතී.

එම උපාධිධාරීන්ගෙන් එක්දහස් හත්සියයක්(1700) බඳවා ගැනෙන්නේ ජාතික පාසල්වලටය.

ඔවුන් බඳවා ගැනීමේ තරග විභාග ඉක්මනින්ම පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් ගුරු සහායකයෝ දෙදහස් පන්සිය තිස්පස් දෙනෙක්(2535) බඳවා ගැනීමටද ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

මෙම පිරිස බඳවා ගැනෙන්නේ වසර තුනකින් පසු ස්ථිර කිරීමේ පදනම මත බවයි පැවසෙන්නේ.

ReeCha