මහින්ද උතුරේ රත්තරන් ටික පවුලටම බෙදපු හැටි එළියට
එල්ටීටීඊ පාලන සමයේ උතුරේ ජනතාව කොටි බැංකුවල තැන්පත් කළ රන් භාණ්ඩ වලට සිදුවූයේ කුමක්දැයි පිළිබඳව බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් පැන නැගුනා. එල්ටීටී පාලනය බිඳවැටීමත් සමගම මුළු උතුරු පළාතම රජයේ හමුදා භාරයට පත්විය. එසේ හමුදාව විසින් සොයාගත් රන් භාණ්ඩ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔවුගේ පවුලේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාගන්නා ලදැයි ඇතැමුන් චෝදනා කරන ලදී.
සැබැවින්ම එම රන් භාණ්ඩවලට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දින වකවානු සහ සාක්ෂි සහිත පැහැදිළි අනාවරණයක් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පසුගිය දිනක සිදු කරන ලදී.
ඔහු සඳහන් කරන ආකාරයට බැංකු වල තිබූ රත්තරන් බඩු වල ලිපි ලේඛනවලට අදාළ පුද්ගලයන් සෙවීමේ දැවැන්ත මෙහෙයුම් එවකට හමුදාව විසින් සිදු කළ බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් 2014 වර්ෂය කිලිනොච්චියේ පැවැත්වූ රැස්වීමක් අතරතුර ලිපි ලේඛන රැගෙන ඇවිත් සනාථ කෙරූ දෙදහසකටත් අධික පිරිසකට මෙම රත්තරන් බඩු බෙදා දුන් බවත්‍ය මේ බව පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අන්තර්ජාලයේ ඕනෑ තරම් සාක්ෂි තිබෙන බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.
හැබැයි තවටත් සමාජයේ බහුතරයක් හිතාගෙන ඉන්නේ මේ රත්තරන් මහින්ද රාජපක්ෂ තමන්ගේ ළඟම පවුලේ හිතවතුන් එක්ක බෙදා හදා ගත්තා කියලයි.
