පගා දීලා මන්ත්‍රීවරු ගන්න ආණ්ඩුවට සල්ලි නෑ

National People's Power - NPP Samantha Vidyaratna Sinhala news
By Mithu May 14, 2025 02:12 PM GMT
Mithu

Mithu

Report

පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය හේදී ගොස් ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 339ක් අතරින් 267ක බහුතර බලය ජාතික ජන බලවේගයට හිමිවුණු බවත්, බහුතර බලයක් ඇති ස්ථානවල සභා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18න් 17ක බලය මාලිමාවට ලැබුණු බවද, සජිත්ට, රනිල්ට හෝ පොහොට්ටුවට බදුල්ලේ බලයක් නොමැති බවද, ලංකාවේම ප්‍රතිඵලය මේ ආකාරයෙන් බවද මාධ්‍ය වෙත අදහස් දක්මින් අමාත්‍යවරයා සඳහන් කළා.

පගා ලබාදී මන්ත්‍රීවරුන් ගන්නා බවට ප්‍රකාශ කරන්නේ පගා ලබාදෙන අය බවත්, පගාදීමට ආණ්ඩුවට මුදල් නොමැති බවත්, ඒ ආකාරයේ ප්‍රතිපත්තියක ද ආණ්ඩුව නොමැති බවත්, ස්වෙච්ඡාවෙන් මේ සඳහා දායකවීමට කැමති පිරිස් වෙත එකතුවීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

පුද්ගලයෙකු මරා දමයි ! ඝාතකයින් තවමත් නිදැල්ලේ ...

පුද්ගලයෙකු මරා දමයි ! ඝාතකයින් තවමත් නිදැල්ලේ ...

ReeCha