රොන්මඩ වළක සිර වූ ඇතින්නිය - ජීවිතය අනතුරේ (PHOTO)

Adinarayana Forest Wild Life Protection And Social Welfare Development Trust Matale Elephant Sinhala news
By Ashfa May 14, 2025 02:37 PM GMT
Ashfa

Ashfa

Report

මාතලේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුගඟ දුන්කලදෙණිය ප්‍රදේශයේ පතල් වළක සිරවී ඇති ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වහා ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලයි.

කළුගඟ දුන්කලදෙණිය ප්‍රදේශයේ වන ‌ළැහැබක් මැද පිහිටි පතල් වළක සිරවී ඇති ඇතින්නෙක් දින හතරක පමණ කාලයක් දැඩි දුෂ්කරතා මැද ජීවත්වෙමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසති.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

ඔවුන් පැවසුවේ, මෙම සතා මුලින්ම හමුවී ඇත්තේ දින හතරකට පෙර වන අතර, එවිට වහාම වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි. නියෝගලත් නිලධාරීන් පැමිණ ඇතින්නට ප්‍රථිකාර ලබාදී ඒම ස්ථානයෙන් පිටව ගොස් තිබුණද, පසුව එම සතා නැවතත් පතල් වළකට වැටී සිරවී ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසූයේ.

වර්තමානයේ, ආහාර ජලය නොමැතිව දැඩි උණුසුමට නිරාවරණයව පවතින මෙම සතාගේ තත්ත්වය පිළිබඳ ඔවුන් දැඩි කනස්සල්ල පළ කරති. ප්‍රදේශවාසීන් එකට එක්ව, සතාට ආහාර ලබාදීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ගයන් හරහා එම සතාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ දරමින් සිටී.

පතල් වළ ඉහළින් සෙවණක්ද සාදා ඇති බව දැකගත හැකි විය. එමෙන්ම, වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානයක් නොදක්වන බවටද ඔවුන් චෝදනා කරති.

මෙම සිදුවීම පිටුපස ගැඹුරු ආර්ථික හා පාරිසරික ගැටලුද ඇති බව ප්‍රදේශවාසීන් අවධාරණය කරති.

ඔවුන් සඳහන් කළේ, මෙම භූමිය පසුව මහවැලි අධිකාරිය විසින් රජයට පවරා ගත් අනුමත ගොවි බිමක් වන අතර, දැනට එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භාරයේ පවතින බවයි.

මිලියන ගණනක වංචාවක් - කෝප් කමිටුවේදී එළියට ආපු ඇත්ත (PHOTO)

මිලියන ගණනක වංචාවක් - කෝප් කමිටුවේදී එළියට ආපු ඇත්ත (PHOTO)

එහෙත්, බලපෑම් සහිත පුද්ගලයින්ට පතල් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන බවද ඔවුන් චෝදනා කරති. මේ වනවිටත් ඇතින්නගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින අතර, සතා බේරා ගැනීමට වනජීවී අංශයේ වහාම මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ප්‍රදේශවාසීන් අවධාරණය කරති.  

GalleryGallery
ReeCha