එදා නවක වදය මෙහෙය අද රටේ නායකයෝ... ඔබ දන්නවා ද?

Report

මීට වසර කිහිපයකට ඉහත දී නවක වදය මෙයෙ වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අද ආණ්ඩුවේ ඇමතිවරු ලෙස කටයුතු කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් පොහෝ දිනය අදයි...

සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් පොහෝ දිනය අදයි...


එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ විශ්වවිද්‍යාල ආරම්භක යුගයේ ඉතා මානුෂීය සහ විනෝදජනක ලෙස පැවති මෙම ක්‍රියාවලිය අද දේශපාලන කාඩර්වරුන් නිර්මාණය කිරිම සඳහා භාවිත කරන බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නවකවදය පිළිබඳව අගමැති හරිණි අමරසුරියට සජිවි අත්දැකීම් නොමැති බවයි.

අදත් වැසි තත්ත්වයේ වැඩි වීමක්....

අදත් වැසි තත්ත්වයේ වැඩි වීමක්....

ඇය විසින් අද නවකවදය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ඇතැම් පුද්ගලයින් වෙතින් අසා දැනගත් කරුණු අනුව යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි. සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.