පෙරළුණු ප්‍රෙට්‍රල්,ඩීසල් ලොරියට පොරකන මිනිස්සු

By Mithu May 14, 2025 05:11 PM GMT
Report

අද පස්වරුවේ පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ පෙරළීම හේතුවෙන් අනතුරක් සිදුවී තිබෙයි. මේ හේතුවෙන් තලවකැලේ – නුවරඑලිය මාර්ගයේ ගමනාගමන කටයුතු කිරිමැටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ අතර මෙම බවුසරය කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් ප්‍රවාහනය කෙරූ රථයක් වේ.

කෙසේ නමුත් බවුසර් රථයේ ටැංකි කොටස පෙරළීමෙන් ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් පෝලිම්වල රැඳී සිටිමින් ඩීසල් සහ පෙට්‍රල් ගන්නා අයුරුද දැකගත හැකිවිය.

කෙසේ නමුත් කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරුකිරිමට පියවර ගෙන ඇත. මෙම අනතුර පිළිබඳව නානුඔය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.