අපිට තිබුණේ වේදනාවෙන් පිරුණු ඉතිහාසයක් - ජනපති අනුර

Anura Kumara Dissanayaka Sri Lanka Politician Janatha Vimukthi Peramuna Sinhala news
By Mithu May 14, 2025 02:53 PM GMT
Mithu

Mithu

Report

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬු එක මොහොතක් හෝ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය. කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මෙය පැවැත්විණි.

ලොව දිනන ජවයක්- අපරාජිත ගමනක්" යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවත්සර උත්සවයට විශාල ජනතාවයක් සහභාගී වූහ.

"එය වේදනාවෙන් පිරුණු ඉතිහාසයක්.ශාරීරික වශයෙන් අතිශය වේදනාවට ලක් වූ ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මානසික වශයෙන්ද අතිශය වේදනා දුන් ඉතිහාසයක් තිබෙනවා.ඒ ඉතිහාසය සමඟ අඛණ්ඩ සබඳතාවයක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මොහොතක් හෝ ඉකි ගසා හඬා තිබෙනවා අප නව පරිච්ඡේදය ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවයේ පරිච්ඡේදය මිසක් ඒ ඉතිහාසයෙන් ගිලිහුණු පරිච්ඡේදයක් නොවන බව හැමදෙනාම මතක තබා ගත යුතුයි"

යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

ReeCha