මිලියන ගණනක වංචාවක් - කෝප් කමිටුවේදී එළියට ආපු ඇත්ත (PHOTO)

Sri Lankan rupee Money Cope Committee Sri Lanka Sinhala news
By Ashfa May 14, 2025 02:03 PM GMT
Ashfa

Ashfa

Report

2021දී රුපියල් මිලියන 700ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබූවද, ඒ සඳහා කිසිඳු ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බව COPE කමිටුව හමුවේ අනාවරණය විය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීමේදී, තමන් කිසිඳු මැදිහත්වීමක් නොකළ බව කොමිෂන් සභාවේ නිලධාරීන් පවසා සිටියහ. මෙම කරුණු හෙළිවූයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වාර්ෂික විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගිය 08 වනදා පැවති රැස්වීමේදීය.

සභාවට සභාපතිව හිමිවූයේ මන්ත්‍රී නිශාන්ත සමරවීර ය. මුදල් භාවිතය සහ ප්‍රතිඵල ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 700ක් අනුමත වූ අතර, රු. මිලියන 350ක් නිකුත් කරන ලදී.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

එයින් රු. මිලියන 302ක් වියදම් විය. එම වියදම්වලට සාපේක්ෂව ව්‍යාපෘතියෙන් ලැබුණු ආදායම රු. මිලියන 22ක් පමණක්ය. මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් නිකුත් කිරීම, කොමිෂන් සභා පනතට පටහැනි බව නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් ලිඛිතව දක්වා ඇත.

කෙසේවෙතත් අමාත්‍යාංශ මට්ටමින් ලැබුණු නියෝග ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් මුදල් නිකුත් කළ බව මුදල් අධ්‍යක්ෂවරයා පැවසීය. නීති අධ්‍යක්ෂවරයාද පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතියට මුදල් නිකුත් කිරීමෙන් තමන්ට පීඩාවක් එල්ල වූ බවයි.

ව්‍යාපෘතියේ අසාර්ථකත්වය දිවයිනේ ස්ථාන 35ක කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මුදල් ලබාදී ඇති අතරද, මේ වනවිට ස්ථාන 5ක ඉදිකර ඇති ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබේ.

COPE සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූල්‍ය වංචාවක් සිදුවී තිබේද යන්න සෙවීම සඳහා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත හා අදාළ නීතිමය ආයතන වෙත පැමිණිලි කිරීම සඳහා සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයද පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.  

ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට බෞද්ධ අගවිනිසුරුවරයෙක් (PHOTO)

ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට බෞද්ධ අගවිනිසුරුවරයෙක් (PHOTO)

ReeCha