ජන මතය ඔප්පු කරන්න බැරි පක්ෂ වලට එකතු වෙන්න එපා - ඇමති නලින්ද

Sri Lanka Politician Ministry of Health Sri Lanka Nalinda Jayatissa Sinhala news
By Mithu May 14, 2025 03:33 PM GMT
Mithu

Mithu

Report

 සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදය හඳුන්වා දුන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බවත්, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් විසින් තරග විභාගයක් පැවැත්වීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

ඒ අනුව මේ සඳහා යම් අයෙකුගේ අකමැත්තක් ඇත්තම් එය සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර තේරුමක් රාජ්‍ය සේවා නොමැති බවත්, එය කතා කළ යුත්තේ කොමිෂන් සභාව සමඟ බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ පුරප්පාඩු සඳහා ඉදිරියේදීත් බඳවා ගැනීමට කටයුතු කරන බවද, ජනතාවගේ බදු මුදල් වියදම් කර උගන්වා, ගෙදරට වී සිටීම ඵලක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රුපියල් ලක්ෂ දෙකක පමණ වැටුපක් ලබා ගනිමින්, අයඳුම්කරුවන් නොමග යවන වෘත්තීය සමිතිවලට හෝ ඡන්දයකට ඉදිරිපත් වී ජන මතය පෙන්නුම් කිරීමට නොහැකි කුඩා දේශපාලන පක්ෂවලට හසු නොවන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

JVP 60වන සංවත්සරය අද

JVP 60වන සංවත්සරය අද

ReeCha