රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.
පසුගිය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමත් සමඟම කොළඹ බලය පිහිටවීම පිළිබඳව නිරන්තරයෙන්ම විවිධ කතිකාවන් නිර්මාණය වුණා.
එයට හේතුව වුණේ ආණ්ඩු පක්ෂය විපක්ෂයට වඩා කොළඹ අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසයි.එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමට ස්වාධීන පක්ෂ සහ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අද දින (14)ජාතික ජන බලවේගයට එරෙහි වී සිටින සියලු පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයක් යටතේ ඒකාබද්ධව කටයුතු කිරීමට ඔවුන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් නිවේදනය කළේය. එම සාකච්ඡාවට සජබයෙන් නලින් බණ්ඩාර මහතා සහභාගි විය.