අම්ශිකා දැරියට සාධාරණයක් ඉල්ලා දමිළ භික්ෂුවක් පාරට බසී (VIDEO)
පාසලේදී ගුරුවරයෙක් දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පසුගිය දිනක ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගත් අම්ශිකා නම් දැරියගේ මරණයට සාධාරණයක් ඉල්ලා දමිළ භික්ෂුවක් වන බගවන්තලාව රාහුල හිමි වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ කර ඇත.
වීඩියෝවේ වැඩිදුරටත් සදහන් වන්නේ ධර්මය හා සමාජය වෙනුවෙන් බොහෝ සේවාවන් සිදු කිරිම ජිවිතයක් කරගත් උන්වහන්සේ,මියගිය දැරිය අම්ශිකා වෙනුවෙන් සාධාරණය ඉටු වීමට කටයුතු කරන බවයි.
මියගිය දැරිය සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතා පළ වුණද සැබැවින්ම සිදුවුයේ කුමක්ද යන්න සොයා බැලීම අධ්‍යාපන අමාත්‍ය වන අගමැතිනි හරිනි අමරසුරියගේ වගකීම බවයි.
සිදුවූ අසාධාරණය පිළිබද පාසලේ විදුහල්පති, ගුරුවරු හා ශිෂ්‍යන් විමර්ෂණය කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියි.
අගමැතිනිය හා අදාළ බලධාරීන් මේ පිලිබදව විමර්ෂණය කර අම්ශිකා දැරියට සාධාරණය ඉටු කරන ලෙසත් එසේ නොවුනහොත් බෞද්ධ ශාසනයක් ලෙස, මහා සංඝරත්නයක් ලෙස රටට ධර්මය දේශණා කරන අප මෙම දැරියට සාදාරණයක් ඉල්ලා පාරට බසිමු.
එසේ වුවහොත් බොහෝ උද්ඝෝශන මෙම රටට මුහුණ දීමට සිදුවෙයි යැයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.
