හෙද විශ්වවිද්‍යාලය කටයුතු ආරම්භ වේ.....

Ministry of Health Sri Lanka Medicines Nalinda Jayatissa Sinhala news
By Ashfa May 14, 2025 03:25 PM GMT
Ashfa

Ashfa

Report

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ජාතික හෙද විශ්ව විද්‍යාලය ඉතාමත් නුදුරු කාලසීමාව තුළ ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අමාත්‍යවරයා පැවසුවේ:

විශ්ව විද්‍යාලය ආරම්භය සදහා සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කමිටුවක් පත්කර ඇති බව, පවතින අඩුපාඩු හා ප්‍රායෝගික ගැටළු විසඳා, තත්වයන් සුදුසු කරමින් විශ්ව විද්‍යාලය ආරම්භ කළ යුතු බව, මෙම ගැටළු නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ දායකත්වය වැදගත් බවය.

අනාගත සෞඛ්‍ය ක්ෂේත්‍රයට සැලසුම්: වඩා වැඩි වියපත් ජනගහනය සඳහා රෝහලෙන් පිටත රැකබලා ගැනීම් සඳහා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය බව. බාහිර රෝගීන්ගෙන් බොහෝදෙනා පැමිණෙන්නේ බෝ නොවන රෝග සඳහා බවත්, එයට විකල්ප ප්‍රතිචාරයක් ලෙස සෞඛ්‍ය සමාජ සම්බන්ධතා වැඩි කළ යුතු බවත් සඳහන් කරන ලදී.

ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට බෞද්ධ අගවිනිසුරුවරයෙක් (PHOTO)

ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට බෞද්ධ අගවිනිසුරුවරයෙක් (PHOTO)

ඉදිරි වසර තුන තුළ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක 1000ක් ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඇත.

එම ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාව වෙත ළඟා කිරීමට හෙද සේවකයන්ගේ හා සමාජ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යෙදවීම කීරීමක් වශයෙන් දැක්වූවේය.

අවසානයේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන ව්‍යාපෘති සඳහා හෙද සේවය වැදගත් පිළිවෙත් වශයෙන් පවතින බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට ඔවුන්ගේ කැපවීම මහත් අගයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.  

ReeCha