කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)

Report

ඉකුත් දා සිය දිවි නසා ගත් කොටහේනේ පාසල් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් අද ලංකා ගුරු සංගමය මඟින් මාධ්‍ය සාකච්ඡාවක පැවැත් වූවා.

එහි දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව විධිමත්ව සහ අවශ්‍ය වෙලාවට නිවැරදි ක්‍රියාමාර්ග නොගැනීම තුළ ගැටලු ගණනාවක් මතු වූ බවයි.

ඒ අනුව ඊයේ දින මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිසක් සාකච්ඡාවක් පවත්වා තිබුණ ද එය සිදුවීමෙන් දවස් 10 ට පසු සිදු වූ සාක්ච්ඡාවක් බව ද අවධාරණය කර සිටියා.

ඒ අනුව තීරණ ගණනාවක් ගත් බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයට අනුව කඩිනමින් එම පියවර ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු එහි දී සඳහන් කළා.

මෙහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිද්ධියට සම්බන්ධ ගුරුවරයාව ස්ථාන මාරු කර ඉන් පසුව අනිවාර්‍ය නිවාඩු යවන බවයි.

අනිවාර්‍ය නිවාඩු යැවීම යනු නිවසේ සිට වැටුප් ලැබීමක් බව ද මෙහි දී ස්ටාලින් විසින් සඳහන් කර සිටියා.

එසේම මෙම සිද්ධියට අඳාල උපකාරක පන්තියේ හිමිකරු සම්බන්ධයෙන් අනුගමනය කරන සහනශීලී ප්‍රතිපත්තිය සම්බන්ධව ද ඔහු විසින් ප්‍රශ්න කළා.

ඒ අනුව පොලීසියට මේ සම්බන්ධයෙන් වගකීමක් ඇති බව ද ඔහු කියා සිටියා.

මන්ත‍්‍රී වෙන්දේසිය සැපටම යයි… හඬපට එලියට

මන්ත‍්‍රී වෙන්දේසිය සැපටම යයි… හඬපට එලියට

තවද ඊයේ දිනයේ රාමනාදන් හින්දු බාලිකා විදුහලේ විදුහල්පතිගෙ නමින් ගුරු දෙගුරුන් පාසලට කැඳවා ඇත.

එවැනි කැඳවීමක් සිදු කළ නොහැකි බව දන්වමින් ජාතික පාසල් අධ්‍යක්ෂකවරිය දැනුවත් කළ ද ඇයගේ උපදෙස්වලට ද පරිභාහිරව ඊයේ දිනයේ දෙමව්පියන් පිරිසක් කැඳවා පෙත්සමක් අත්සන් කොට තිබෙනවා.

එම පිරිස හඳුනා ගැනීම ජාතික පාසල් අධ්‍යක්ෂකවරියගේ ද වගකීමක් බව ද ඔහු මෙහි දී ප්‍රකාශ කර සිටියා.

"හයේෂිකා අපිට සලකන්නෑ".නැන්දම්මා ටීච අම්මගේ සායම යවයි

"හයේෂිකා අපිට සලකන්නෑ".නැන්දම්මා ටීච අම්මගේ සායම යවයි

එසේම මෙම සිද්ධිය දේශපාලනීකරණය කිරීමට හෝ සිද්ධිය යට ගැසීමට හෝ ඉඩ නොදෙන බව ඔහු විසින් අවධාරණය කළා.