කෝටි 7තේ වැට් බදු ඇල්ලූ අධ්‍යක්ෂකවරියට ඇප

Law and Order Sinhala news
By Mithu May 14, 2025 04:25 PM GMT
Mithu

Mithu

Report

හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු 07ක් නිකුත් කර සිටි ලංකාවේ ප්‍රසිද්ධ නැව් සමාගමක අධ්‍යක්ෂකවරියක් දැඩි කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (14) නියෝග කළේය.

රුපියල් මිලියන හැත්තෑව බැගින් වටිනා ඇපකරුවන් 10 දෙනෙකුගේ ශරීර ඇප මත සැකකාරිය මුදාහළ මහෙස්ත්‍රාත්වරිය සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළේය.

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

වරෙන්තු එකොළහක් නිකුත් කර තිබුණත් අත්අඩංගුවට පත් නොවීම හේතුවෙන් පොලිස්පතිවරයා මාර්ගයෙන් නිකුත් කළ වරෙන්තුවට අනුව පසුගිය සිකුරාදා (09) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර සිටි ග්‍රීන් ලංකා ෂිපින් සමාගමේ අධ්‍යක්ෂ තුෂානි නානායක්කාර මහත්මිය මෙසේ ඇප මත මුදා හරිනු ලැබීය.

2007 සිට 2015 වසර දක්වා වසර 08ක කාලයක් වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් පැමිණිලි හයක් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ගොනුකොට තිබූ අතර නඩුවල වටිනාකම්වලට සමාන ශරීර ඇප දහයක් මත සැකකාරිය මුදාහැරීමට නියම කළේය.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

ReeCha