මහනුවර, අලදෙනිය බස් අනතුරින් 29ක් රෝහලේ (VIDEO) (UPDATE)

Report

මහනුවර කුලුගමිමන, කුරුදුගහමඩ ප්‍රදේශයේදී බස් රථයක් වංගුවකින් පහලට වැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි 30 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් 29දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ සිට වෙසක් නැරඹීම සඳහා පැමිණි පිරිසක් රැගත් ටාටා මිනි බස් රථයක් යටිහලගල මාර්ගය ඔස්සේ කුරුණෑගල බලා ගමන් කිරීම සදහා අතුරු මාර්ගයක් භාවිතා කර යමින් සිටියදී රියදුරුට බසය පාලනය කර ගැනීමට නොහැකි වීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

---------------------------------------

බස්වලට අපලයි...20ක් රෝහල් යවපු අනතුර  (06.52 AM)

මහනුවර අලදෙණිය බරිගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේ. ඉන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)

ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ.

කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදීය. අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.