පකිස්ථානයෙන් විශාල කොටසක් වෙන් වෙයි
පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බලොචිස්තාන් නායක යැයි සැලකෙන මිර් යාර්ගේ 'X' සටහනක් උපුටා දක්වමින් එම වාර්තා මේ බව පවසයි.
එම සටහනෙන් දක්වා ඇත්තේ, සිය කලාපයේ දශක ගණනාවක් තිස්සේ පැවති ප්රචණ්ඩත්වය, බලහත්කාර අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් පවසා ඇත්තේ බලොචිස්තාන් පාකිස්තානයෙන් නිදහස ප්‍රකාශ කරන බවයි. එමෙන්ම ඔහු ඉන්දියානු පුරවැසියන්ගෙන්, මාධ්‍ය, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ බලොචිස්තාන්, පාකිස්තානයේම කොටසක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසයි. බලොචිස්තාන් තවදුරටත් පාකිස්තානය නොවන බවත්, බලෝචි ජනතාව වීදි බැස පාකිස්තානයෙන් වෙන්වීමේ සතුට පළකරන බවයි.
පාකිස්තානයේ සමස්ත මුළු භූමි ප්‍රමාණයෙන් 44%ක්ම නියෝජනය වන්නේ බලොචිස්තාන් පළාතය. කෙසේ නමුත් බලොචිස්තාන් යනු පාකිස්තානයේ අඩුම ජනගහනයක් ඇති පළාතද වේ. බලොචිස්තාන් කලාපය ඉරානය හා ඇෆ්ගනිස්තායට මායිම්ව තිබෙන ප්රදේශයයක්ය. බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් කලක සිට පාකිස්තාන රජයට එරෙහිව දැවැන්ත අරගලයක නිතරව සිටියි.
ඉකුත් මාර්තු මස බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පැහැරගෙන මගීන් 400කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපයට යනු ලැබුවේද මෙම විමුක්ති හමුදාව විසින්ය.
