පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

Report

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ. නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

සෙරෙප්පුවක් නිසා වෛද්‍යවරයකුට වූ හදියක්.. (VIDEO)

සෙරෙප්පුවක් නිසා වෛද්‍යවරයකුට වූ හදියක්.. (VIDEO)

එහිදී සැකකරුවන් සතුව තිබී සේවා නූල් සවි කරන ලද ඩෙටනේටර් 05ක්, වෝටර් ජෙල් කූරු 03ක් සහ වයර් රෝලක් සොයාගෙන ඇත.

සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..

සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 49, 50 සහ 65 යන වයස්වල පසුවන කටුගස්තොට, ගම්පොළ, ඇළහැර හා උඩලගවින්න ප්‍රදේශයවල පදිංචිකරුවන් වේ. නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.