දකුණේ පාසල්වලට ආණ්ඩුකාරවරයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

දකුණු පළාතේ පාසල් ළමුන්ගෙන් හා දෙමාපියන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කරන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

පාසල් ළමුන් හා දෙමාපියන් පීඩාවට පත් කරමින් මුදල් එකතු නොකරන ලෙස පාසල්වලට දැනුම් දී තිබුණද, ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තවදුරටත් නීති විරෝධී ලෙස මුදල් එකතු කරන බවට වාර්තා ලැබී ඇති බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. සමහර විදුහල්පතිවරුන් තමන්ට හිතවත් දෙමාපියන් හරහා මෙම මුදල් එකතු කිරීම් සිදුකරන බවත් වාර්තා වේ.

එස් එම් චන්ද්‍රසේනගේ ලේකම්ගේ ඉල්ලීම බන්ධනාගාරයෙන් ප්‍රතික්ෂේපයට

එස් එම් චන්ද්‍රසේනගේ ලේකම්ගේ ඉල්ලීම බන්ධනාගාරයෙන් ප්‍රතික්ෂේපයට

එසේම, විවිධ වැඩසටහන් හා උත්සව සඳහා එකතු කරන මුදල් තමන්ට දරාගත නොහැකි බවට ඇතැම් දෙමාපියන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

ඒ අනුව, දකුණු පළාතේ එවැනි මුදල් එකතු කිරීම් සිදුවූ පාසල් කිහිපයකට එය වහාම නතර කිරීමට දැඩිව දැනුම් දී ඇත. මෙම පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදීත් අඛණ්ඩව අවධානයෙන් පසුවන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඉන්ධන මිලට සූදානමෙන් සිටින්න – අවශ්‍ය පරිදි වෙනස් කරනවා

ඉන්ධන මිලට සූදානමෙන් සිටින්න – අවශ්‍ය පරිදි වෙනස් කරනවා

මධ්‍යම පන්තිය නිසයි මේ ප්‍රශ්ණ - අමාත්‍ය චතුරංග අබේසිංහ

මධ්‍යම පන්තිය නිසයි මේ ප්‍රශ්ණ - අමාත්‍ය චතුරංග අබේසිංහ