විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවා හරී..මහ මුහුදේ සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න(PHOTOS).

Israel Fuel Price In World Lebanon World
By Aruna Aug 30, 2024 07:19 AM GMT
Aruna

Aruna

Report

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කර තිබෙනවා.

ඒ වනවිට එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර, හූති කැරළිකරුවන් විසින් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත්වී තිබුණා.

හදිසියේම වීසා තහනම් කිරීමක්..විශාල පිරිසකගේ බලාපොරොත්තු සුන්වෙයි.

හදිසියේම වීසා තහනම් කිරීමක්..විශාල පිරිසකගේ බලාපොරොත්තු සුන්වෙයි.


අනතුරුව හූති කැරළිකරුවන් විසින් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය යි.

විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවා හරී..මහ මුහුදේ සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න(PHOTOS). | A Fuel Tanker Explodes

මේ අතර යේමනයේ හුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ තම සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් වන බව පවසමින්.

GalleryGalleryGallery