ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධයෙන් බිය ගෙන දෙන වාර්තාවක්...

Report

වර්තමානයේ ඕටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේ 2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇත.

"අපේ තාත්තාට බැණ බැණ හයිවේ යන වත්මන් ජනාධිපති" - නාමල්ට ඒක දැක්කම හිනත් යනවලු!

"අපේ තාත්තාට බැණ බැණ හයිවේ යන වත්මන් ජනාධිපති" - නාමල්ට ඒක දැක්කම හිනත් යනවලු!

ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙසේ අදහස් පල කරන ලදී.

“ලංකාවේ ළමුන් 93කගෙන් එක්කෙනෙකුට මෙම තත්ත්වය තිබුණා 2009 කරපු සමීක්ෂණයක්. ඊට පස්සේ ඒක ක්‍රමාණුකූලව කරලා නෑ. දැන් ආයම පටන් අරගෙන යනවා. අපිට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙයි.

මොකද ලෝකයේම වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන. අපට දැනෙනවා ලංකාවෙත් දිනෙන් දින වැඩිවෙනවා අපිට යොමු වන ළමුන් ගණන.

ශ්‍රී ලංකාවේ සංචාරය ගැන මෝදිගෙ X ගිණුමේ තැබූ සටහන මෙන්න!

ශ්‍රී ලංකාවේ සංචාරය ගැන මෝදිගෙ X ගිණුමේ තැබූ සටහන මෙන්න!

වැදගත් වෙන්නේ ඉතාමත් ඉක්මනින් හඳුනාගන්න ඒක. මූලිකම අවස්ථාවේදී අපිට හඳුනාගන්න පුළුවන් නම් අවුරුදු දෙකහාමාර අවුරුදු පහ ඇතුලත කරන මැදිහත්වීම් මත 90% කට පමණ මෙම දරුවන් අපිට ගෙනියන්න පුළුවන්.

” මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය සඳහන් කළේ ඔටිසම් මෙන්ම ස්නායු ආබාධ රෝග සහිත දරුවන් හඳුනාගැනීමට දෙමව්පියන්ගේ ද දායකත්වය අත්‍යවශ්‍ය බවයි.