සජබ රැලියකට ප්‍රහාරයක්..? පොලීසියේ පහක් රෝහලේ..

Report

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඥා පත්තුකිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගත ඇතැයි වාර්තා වේ.

ප්‍රචාරක රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන එම රැලිය මේ වනවිටත් මහනුවර පැවැත්වෙමින් තිබේ.