මැරුණ පුද්ගලයෙක්ට යළි පණ ආපු හැටි මෙන්න..වෙන්නප්පුවෙන් වාර්තා වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Death
By Aruna Jun 20, 2024 01:53 PM GMT
Aruna

Aruna

Report

පුත්තලම, මදුරන්කුලිය පොල් ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇතැයි ඉඩමේ අයිතිකරු විසින් ඉකුත් දා පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වනවා.

පොලීසියට පැමිණිල්ල ලැබී ඇත්තේ, ඔහු මුරමඩුව ඇතුළේම මරණයට පත්ව ඇති බවටයි.

ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..

ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..


මරණය සැක සහිත බවත් එය අභිරහස් මරණයක් බවත්, අදාල පුද්ගලයා පොලීසියට පවසා ඇත.

මදුරන්කුලිය පොලිසිය පැවසුවේ, මේ නිසා පොලීසිය ක්‍රියාත්මක වී මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ බවයි.

එහිදී එම පුද්ගලයාට පණ ඇති බව දැනගෙන වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

පැමිණිල්ල සිදුකළ ඉඩම් හිමිකරු දේශපාලනයට සම්බන්ධ අයෙක් වන අතර, ඔහුගේ සහෝදරයා පොලිසියට විස්තර පවසා ඇත.

එමෙන්ම මරණකරුගේ ඥාතීන් පිළබඳව නොදන්නා බවද ඔහු පොලිසියට පවසා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ, මෙම පුද්ගලයා සිහිනැතිව වැටී ඇත්තේ නිරාහාරව සිටීමෙන් බවත් ඔහු රෝගී තත්ත්වයකින් පසුවන බවයි.

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..


මුරකරුට හරි හැටි සැලකීමක් නොවූ බව වාර්තාවන අතර රෝගියා රෝහල් ගතකිරීම සිදුකර තිබුණේද පොලිස් නිල රථයෙන් බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඉඩම් හිමිකරුවන්ට වාහනයක් නැතැයිද පවසා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මදුරන්කුලිය පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.