මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..

Bar Association of Sri Lanka India Death World
By Aruna Jun 20, 2024 01:45 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රික්කයේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා.

එමෙන් ම මේ හේතුවෙන් හැත්තෑවකට(70) අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කල්කුරිච්චි නගර පොලිස් බල ප්‍රදේශයට අයත් කරුණාපුරම් ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

20T ලෝක කුසලානයේ සුපිරි වටයේ පළමු තරඟයට ඊයෙ රෑ වුන දේ මෙන්න..එංගලන්ත තරඟයත් ඇරඹේ..

20T ලෝක කුසලානයේ සුපිරි වටයේ පළමු තරඟයට ඊයෙ රෑ වුන දේ මෙන්න..එංගලන්ත තරඟයත් ඇරඹේ..


එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, මෙසේ අනතුරට පත් බොහෝ දෙනෙක් කුලී කම්කරුවන් බවයි.

කරුණාපුරම් ප්‍රදේශයේ වෙළෙන්දෙකුගෙන් නීතිවිරෝධී මත්පැන් යැයි සැක කෙරෙන මෙම පානය ඔවුන් මිලට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඔවුන් ජූනි 18 වැනිදා දින එය පානය කර ඇති අතර හුස්ම හිරවීම, පෙනීම බොඳ වීම සහ කරකැවිල්ල සහ නැවත නැවත පාචනය ඇති වීම ඇතුළු රෝග ලක්ෂණ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..

ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..


නිලධාරීන් සඳහන්කර සිටින්නේ, රසායනාගාර පරීක්‍ෂණයකින් අරක්කු සාම්පලවල මාරාන්තික මෙතනෝල් තිබෙන බව පෙනී ගොස් ඇති අතර, රජයේ නිවේදනයකට අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

තමිල්නාඩු ආණ්ඩුකාර ආර්.එන්.රවී ජීවිත හානි පිළිබඳව දැඩි කම්පනයට පත්ව ඇති අතර නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් "අඛණ්ඩව සිදුවන අතපසුවීම්" පිළිබඳව "බරපතල කනස්සල්ලක්" ඇති බවයි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.