EXCLUSIVE : ‘ජවිපෙ දේශපාලන ව්‍යාපෘතියක් හරහා රාජ්‍යය පාලනයට යයි’ - පාඨලීගෙන් භයානක හෙළිදරව්වක් [VIDEO]
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පක්ෂය රාජ්‍ය බවට පත්කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක නිරතව සිටින බවත්, මෙරට සියලු ප්‍රජාතන්ත්‍රවාදීන් ඒ සම්බන්ධයෙන් අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, ජනරජ පක්ෂයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අවධාරණ
පාර්ලිමේන්තුවේ සිට 3800ක පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ පක්ෂ කාඩරය දක්වා, දෙතුන් දෙනෙකුගේ ආධිපත්‍යය යටතේ මෙම ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතින බව ඔහු පැවසීය.
මෙම අදහස් ඔහු පළ කළේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය. අනුර, බිමල්, ටිල්වින් යන පිරිසට රාජ්‍ය බලය නතුවීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් රණවක, සියලු ප්‍රජාතන්ත්‍රවාදීන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවද සඳහන් කළේය.
2016දී ආර්ථිකය බංකොලොත් වන බවට පොතක් ලියමින් පැවසූ ආකාරයට, 2021දී බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැය එහි පළමු හා අවසන් අයවැය වන බව පැවසූ ආකාරයට, සරත් වීරසේකරගේ පොලිසියට බලශක්ති අර්බුදයෙන් නැගිටින ජනතාව පාලනය කිරීමට නොහැකි වන බවට වේලාසනින් අනතුරු ඇඟවූ ආකාරයට, මෙම අනතුරු ඇඟවීමද සිදුකරන බව ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයන් “මේක දෙන්නේ නෑ – දෙන්න නෙවෙයි, ගත්තේ” යනුවෙන් කරන ප්‍රකාශ විහිළුවට නොගන්නා ලෙසත්, විශේෂයෙන් ගම්බද ජනතාව තම ග්‍රාම සේවා කොට්ඨාසයේ සමිති සමාගම් තනි පක්ෂයක ග්‍රහණයට ගැනෙමින් තිබේදැයි අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු සිහිපත් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින්, හිටපු මන්ත්‍රී රණවක මෙසේ පැවසීය;
“සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ යන අයට මොන අඩුපාඩු තිබුණත්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට යටත්, බහුපක්ෂ ක්‍රමය පිළිගත් අයයි. මහින්ද 2015 පරාජයෙන් පසු ගෙදර ගියා. නමුත් වත්මන් ආණ්ඩුවේ අය කියන්නේ ‘අපි යන්නේ නෑ, දෙන්නේ නෑ’ කියලා. ඒක විහිළුවක් නෙවෙයි. දැනටමත් ගම්මට්ටමින්, බිම් මට්ටමින් පක්ෂය රාජ්‍ය බවට පත්කරගෙන යනවා.
පළමු වටය ආරම්භ වෙලා තියෙනවා. තමන්ට බලය දුන් පාර්ශ්වය ‘පාපිසි’ යැයි හංවඩු ගහනවා. පක්ෂය රාජ්‍ය බවට පත්කරන ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේත් පේන්න තියෙනවා. තුන්හතර දෙනෙක් වෙන අයට කතා කරන්න නොදී, ආධිපත්‍යවාදී ක්‍රියාවලියක යෙදෙනවා. ගම් මට්ටමේ ස්වේච්ඡා සමිති, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ග්‍රහණයට ගන්නා ලෙස උපදෙස් දෙනවා. 2024දී සජිත් වෙනුවෙන් අපි හෝමාගම රැස්වීමක් සංවිධානය කළා. එදා ජවිපෙ අය දෙදෙනෙක් බයිසිකලයකින් ඇවිත් කිව්වා, ‘මේ ගම මාලිමාවට, වෙන අයට රැස්වීම් කරන්න එන්න බෑ’ කියලා.
නමුත් අපි එදා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැදිහත්වී ඒ රැස්වීම පැවැත්වුවා. ඔබට මතක ඇති, පසුගිය ඡන්දයෙන් පසු මාතලේ පැත්තෙත් එවැනි සිදුවීමක් වුණා. ඔවුන් හිතන්නේ 87-89 වගේම මේක අවනත කරගන්න පුළුවන් කියලා. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සභා පාලනය කරන ආකාරයට මේක කරන්න හදනවා.
මම මේ අනතුරු ඇඟවීම අද කරනවා. 2024දී අපි මේ අනතුර දැක්කා. ඒ නිසා තමයි සජිත්ට මේක පරාජය කළ හැකි යැයි විශ්වාස කර ඔහුට උදව් කළේ. රනිල්ට හෝ නාමල්ට ඒ අවස්ථාව නැති බව අපි දැක්කා. ඒ නිසා, රට ගැන එකඟතාවක් අදාළ කණ්ඩායම් අතර නොවුණොත්, ඉතා කෙටි කලකින් අනුර, බිමල්, ටිල්වින් පාර්ශ්වයට රාජ්‍ය බලය යනවා. එවිට ඔවුන් වටේ ඉන්න අයටත් කතා කරන්න බැරි වෙනවා.
ජවිපෙ 83 මර්ධනයෙන් පසු ඉන්දියාව සමඟ එකතු වී JRට පහර දීමට උත්සාහ කළා. නමුත් ඉන්දියාව ඔවුන් පිළිගත්තේ නෑ. ඉන්දියාව ඒ සඳහා තෝරාගත්තේ විජය කුමාරතුංගව. එවිට ජවිපෙ 180° හැරිලා ඉන්දියා විරෝධී වුණා.
දැනට ඔවුන් කරගෙන යන ක්‍රියාවලිය සෝවියට් දේශයේ තිබුණු සෝවියට් සභා ආකෘතියට සමානයි. එය යටතේ මේ රාජ්‍යයසම්පූර්ණයෙන්ම පොලිස් රාජ්‍යයක් බවට පත්වෙනවා. මම කියන්නේ නෑ ඒක පරාජය නොකළ යුතුයි කියලා. මම කියන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර චින්තනය එහෙමයි. ඒකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන්ම මාලිමාවේ අයත් නැගිටිය යුතුයි. මොකද, මුලින්ම කන්නේ ඔවුන්.
2016දී මම පොතක් ලියලා රට බංකොලොත් වෙන බව කිව්වා. එදා මට චෝදනා කළා, මම බිල්ලන් මවනවා කියලා. 2021දී බැසිල්ට කිව්වා, මේ ඔබේ පළමු හා අවසන් අයවැය කියලා. බලශක්ති අර්බුදයක් එන බවත්, සරත් වීරසේකරගේ පොලිස් හමුදාවට ඒ නැගිටින බලවේගය පාලනය කරන්න බැරි බවත් කිව්වා. එදා මට චෝදනා කළා, මම බිල්ලන් මවනවා කියලා. අපි එල්ටීටීඊය පරාජය කළ යුතුයි කියලා මහින්දට සහය දුන්නේ ඔවුන්ගේ නව-නාසිවාදී ප්‍රතිපත්තිය දැකපු නිසා. මහින්ද ඒක සාර්ථකව කළා.
අපි දර්ශනයක් ඇතුව මේ දේවල් කිව්වා. ඒ නිසා අපි අදත් කියනවා, ගම් මට්ටමේ සිවිල් ආරක්ෂක කමිටු, රෝහල් කමිටු, ප්‍රජා සංවර්ධන කමිටු, මරණාධාර සමිති, මහිලා සමිති යනාදිය තනි පක්ෂයක පාලනයට යටත් කරගැනීමේ ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒ සඳහා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 3800ක් සහ පක්ෂ කාඩරයක් ක්‍රියාත්මක වෙනවා. මේක දැනටමත් සිදුවෙමින් තිබෙනවා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. නිදහස් මැතිවරණ තියෙන, බහුපක්ෂ ක්‍රමයක් තියෙන රටක්. එදා කිව්වේ, කරන්න බැරි නම් යනවා කියලා. අද එහෙම කියන්නේ නෑ. ‘අපි යන්නේ නෑ, දෙන්නේ නෑ’ කියනවා.
ලෙනින් රුසියාවේ බලය ගත්තේ බලය අල්ලාගෙන. බොල්ෂෙවික් පක්ෂය කුඩා පක්ෂයක්. මෙන්ෂවික්වරුන්ට තමයි වැඩි ඡන්ද තිබුණේ. ලෙනින් අර්බුදයක් ඇතුළේ බලය ගත්තා. රටෙන් තුනෙන් එකක් ජර්මනියට දුන්නා. ඒකට විරුද්ධව ප්‍රශ්න කළ විට, ‘පක්ෂය තමයි වැදගත්’ කියලා කිව්වා. 1921 වෙනකොට ලෙනින් සමාජවාදය අතහැර ධනේශ්වර වුණා. ඊට පසු ස්ටාලින් යටතේ තමයි සැබෑ තනි ආධිපත්‍යය පටන් ගත්තේ.
මේක රුසියාව නෙවෙයි. මේ අය බලයට ආවේ ඡන්දයකින්. අපේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත්. ගෝඨාභයට ලක්ෂ තුනක හමුදාවක් හිටියත්, බලය අත්හැරියා. ඒ නිසා සෝවියට් සිතුවිලි මෙහේ හරියන්නේ නෑ. අපි මේ අයට කියන්නේ, ලෝකයේ හැසිරීම බලලා වෙනස් වෙන්න කියලා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය ගැන විශ්වාසය තියනවා.."
