හෝමාගම පොලිස් OICට වැඩ වරදීද? - පොලිස් OIC ඇතුළු තිදෙනෙකුට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

Report

හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

හෙට (29) දිනයේදී මෙම කැඳවීම සිදුකර ඇති බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

අදාළ මරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයට අදාළව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයේදී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන තිබේ.

අලි-මිනිස් ගැටුමට විසඳුම් සොයමින් විදුලි වැට ශක්තිමත් කිරීමට රජය සැරසෙයි

අලි-මිනිස් ගැටුමට විසඳුම් සොයමින් විදුලි වැට ශක්තිමත් කිරීමට රජය සැරසෙයි

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේත්, දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාගේත්, තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගේත් වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

එම නිලධාරීන්ට අමතරව සිද්ධිය වූ දිනයේ රාජකාරියේ නිරතව සිටි තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ නැගණියගෙන් ද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එමෙන්ම, මියගිය පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

කුරුණෑගල රජ පිහිල්ල පාරේ හදිසියේම කඩා වැටුණු මාර ගස - නවතා තිබූ වාහන 7කට බරපතළ හානි

කුරුණෑගල රජ පිහිල්ල පාරේ හදිසියේම කඩා වැටුණු මාර ගස - නවතා තිබූ වාහන 7කට බරපතළ හානි