කුරුණෑගල රජ පිහිල්ල පාරේ හදිසියේම කඩා වැටුණු මාර ගස - නවතා තිබූ වාහන 7කට බරපතළ හානි
By Kanchana
කුරුණෑගල රජ පිහිල්ල උද්යානය සහ රජ පිහිල්ල තානායම අතර මාර්ගයේ අද (28) උදෑසන මාර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට අනතුරු සිදුව තිබේ.
උදෑසන 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මාර්ගය අසල නවතා තිබූ වාහන මතට ගස කඩා වැටීම හේතුවෙන් ඒවාට හානි සිදුව ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.
ඔක්තෝබර් 31 වෙනිදා බෙංගාල බොක්ක ආයේ රත්වෙයිද? එල්නිනෝ නිසා තවත් කැලඹිල්ලක් එන බවට කාලගුණෙන් හදිසි අනාවරණයක්