අවසානයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වරද පිළිගනී - අධිකරණයට දැනුම් දෙයි

Report

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී සොයාගත් එම මෝටර් රථය සම්බන්ධයෙන් නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු අධිකරණයට කරුණු දැනුම් දුන් බව සඳහන්.

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

වාහනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉකුත් ඔක්තෝබර් 23 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඉන්පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ජනාධිපතිවරණයට දිනකට පෙර කොළඹ හෝටලයක නවතා තිබූ බවට වාර්තා වන WP C 24-0430 දරණ කළු පැහැති BMW මෝටර් රථයක් පිළිබඳ තොරතුරක් ලැබීමෙන් අනතුරුව මෙසේ CID ය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

එමෙන්ම විමර්ශනවලින් හෙළි වූයේ වාහනය නවතා තිබූ පුද්ගලයා එය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ බවත් ඔහුගේ රියදුරු විසින් හෝටලයට ගෙනැවිත් ඇති බවත් පොලිසියට දන්වා තිබෙන බවයි.

නෙතන්යාහු පැරදිලා.. ඊශ්‍රායලයම උණුසුම් - ප්‍රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි

නෙතන්යාහු පැරදිලා.. ඊශ්‍රායලයම උණුසුම් - ප්‍රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි

එමෙන්ම වාහනය පරීක්ෂා කිරීමේදී, CID නිලධාරීන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයක් සොයා ගත්තත් වාහනයේ ලියාපදිංචියට අඳාළ කිසිදු ලියවිල්ලක් සොයා ගැනීමට නොහැකි වූ අතර සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූයේ BMW රථයේ ප්‍රදර්ශනය කර ඇති ලියාපදිංචි අංකය නාවල පිහිටි පෞද්ගලික සමාගමකට නිකුත් කර තිබෙන බවයි.

එසේම BMW චැසි අංකය සහිත වාහනයක් නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව තහවුරු කර ඇත.

අනතුරුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකදී හෙළි වූයේ වාහනය නීති විරෝධී ආකාරයට එකලස් කර තිබෙන බවයි.

එසේම 2021 දී එංගලන්තයේදී සොරකම් කරන ලද බවට වාර්තා වූ සුඛෝපභෝගී වාහනයක් සහ BMW රථය අතර ඇති විය හැකි සම්බන්ධතා ද පොලිස් පරීක්ෂණවලින් හෙළි විය.

එබැවින් පොලිසියට අනුව, මෙම වාහනය මුලින් ජර්මනියේ නිෂ්පාදනය කර එංගලන්තයේ ගැනුම්කරුවෙකුට විකුණා තිබෙන අතර, එහි චැසි සහ එන්ජින් අංක එක්සත් රාජධානියේ සොරකම් කරන ලද බවට වාර්තා වූ වාහනයට සම්බන්ධ බව සොයා ගත් බව සඳහන්.

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

කවුද හිතුවේ මේ ලග්නවලට අද මේ තරම් වාසනාවක් තියෙනවා කියලා - හදිසි ධන ලාභ ලැබෙන සුබෙන් සුබ වෙන අද පලාපල

කවුද හිතුවේ මේ ලග්නවලට අද මේ තරම් වාසනාවක් තියෙනවා කියලා - හදිසි ධන ලාභ ලැබෙන සුබෙන් සුබ වෙන අද පලාපල