විදුලිබල පනත ගැන තීරණාත්මක මොහොතක් - අද සභාව රහසින් රැස්වෙයි

Report

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද, (17) යළි රැස්වීමට නියමිත ය.

පසුගිය ජුලි 15 වන දින මෙම කාරක සභාව විසින් ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ප්‍රථම වරට සලකා බැලීමක් සිදුකරන ලදී.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම රැස්වීමට බලශක්ති අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් සහභාගී වූ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

එම රැස්වීමේදී, මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත. එහිදී, යෝජිත සංශෝධනවලට අදාළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

නීතිපති දෙපාර්තමේන්තුව ද ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පනත් කෙටුම්පත පිළිබඳව සිය අදහස් හා නිර්දේශ ඉදිරිපත් කර ඇත. එම සාකච්ඡාවලදී එකඟ වූ සංශෝධන ඇතුළත් කරමින්, පනත් කෙටුම්පත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර, අද (17) දිනයේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද දින යළි රැස්වී, ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට සහ එය සම්මත කිරීමට අදාළ කටයුතු සිදුකිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

ප්‍රබල භූකම්පනයක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්

ප්‍රබල භූකම්පනයක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්