විදුලි බිල් වෙනස් වෙයිද? – නව ගාස්තු තීරණාත්මකයි
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්රකාශ කරන්නේ සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය මැයි මස 9 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි.
එමෙන්ම, 2026 වසරට අදාළ අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශන ක්රියාවලිය අද (29) සිට ආරම්භ කර ඇති බවද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මහජන උපදේශන ක්රියාවලිය හරහා මහජන අදහස් හා යෝජනා ලබාගෙන, අවසන් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ගන්නා බවද දැනුම් දී ඇත.