මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?

Report

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හෙට (30) පස්වරු 2.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. ඒ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

දෙදින රාජ්‍ය සංචාරයකට වියට්නාම ජනාධිපති දිවයිනට

දෙදින රාජ්‍ය සංචාරයකට වියට්නාම ජනාධිපති දිවයිනට

එමෙන්ම, අදාළ නිලධාරින් පස් දෙනාගේ බැංකු ගිණුම් ද පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කමිටුවක් පත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ පීඨාධිපතිවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය පිටු 27ක සම්පිණ්ඩන වාර්තාවක් ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. මෙය සංවේදී සහ සූක්ෂම විමර්ශනයක් බැවින් නඩු ගොනුව සේප්පුවේ බහා තබන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම සිද්ධියේ අපරාධමය වරද සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසත්, අපරාධයක් වී ඇත්නම් එය සිදුකර ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට මෙවැනි වැරදි සිදුවීම වළක්වාලීම සඳහා වහාම කෙටි පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝග කළා.

2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි

2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි