2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි
2009 සිට සිදුවූ සියලු ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ලබන සඳුදා සිට මහජනතාවගෙන් තොරතුරු කැඳවීමට තීරණය කර තිබේ.
එම කොමිසමේ ලේකම් පී.වී. බන්දුලසේන සඳහන් කළේ, කොළඹ 12 ,අධිකරණ මාවත, සාංචිආරච්චි වත්ත , අධිකරණ පියසේ පස් වැනි මහලේ ස්ථාපිත කොමිෂන් සභා කාර්යාලයට එම තොරතුරු ලිඛිතව පැමිණ හෝ තැපෑලෙන් යොමු කළ හැකි බවයි.
ඒ සඳහා ඉදිරියේදී ඊමේල් ලිපිනයක්ද හඳුන්වා දෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඇතුළු විවිධ පාර්ශ්ව විසින් කළ විමර්ශන හා පරීක්ෂණවල තොරතුරු එක් රැස් කිරීමද මේ වනවිට ආරම්භ කර ඇති බව ලේකම්වරයා පැවසුවේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති මෙම ජනාධිපති කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්නයි.