පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට

By Gagana News Mar 10, 2025 01:04 AM GMT
Report

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාගිය පුද්ගලයෙකු වන යොහාන්, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 5වනදා කටුනායක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්

ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්

ආණ්ඩුවට ළදරු මරණයක්!

ආණ්ඩුවට ළදරු මරණයක්!