ජනාධිපති අපේක්ෂකයින්ට දිලිත්ගෙන් අභියෝගයක්...

Report

අද (17) පෙරවරුවේ යටියන්තොට නගරයේදී පවතී ජන රැළියකට එක වෙමින් සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසා සිටියේ, සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස ය.

මධ්‍යම යුරෝපයට ප්‍රභල ගංවතුර අවදානමක්...

මධ්‍යම යුරෝපයට ප්‍රභල ගංවතුර අවදානමක්...

ඔහු මේ බව පවසා සිටියේ, අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝග කරමිනි. එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ ය.

"අපි ඉදිරිපත් කළා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ තුළින් එකින් එක කිව්වා...ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය. ඒ වෙනස් වන විදිය සඳහා මුදල් ලැබෙන ආකාරය. මේකට විරුද්ධව අද කවුරුත් වචනයක්වත් කියන්නේ නෑ."

ජනපතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්...

ජනපතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්...

"අපි මේ පොතේ යෝජනා කරලා තියෙනවා... නූතන ඩිජිටල්කරණය භාවිතා කරලා සමාන වෙන ක්‍රමය. උපන්දාම ඔබට ලැබෙන මේ ඩිජිටල් අංකෙන් ඔබත් මමත් එක දිනයකදී සමාන පුරවැසියන් වෙනවා මේ රටේ."

"මම ඔවුන්ගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ ඩිජිටල් අංකය නිකුත් කරන්න පුළුවන් නම් පොරොන්දු වෙන්න. එදාට කියන්න වෙනවා ආදායම නම් ආදායම... වියදමනම් වියදම් කරන විදිය."