මධ්‍යම යුරෝපයට ප්‍රභල ගංවතුර අවදානමක්...
By Parami Dissanayake
මධ්‍යම යුරෝපයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් ව ඇතැයි වාර්තා වේ.
මෙම දරුණු ගංවතුර තත්ත්වය රටවල් හතරකට බල පෑ ඇත. ඒ ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාව යන රටවල් වන අතර මෙම තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව පීඩාවට පත්වූවන් නිවෙස්වලින් ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, එම පිරිසට සහන සැලසීම සඳහා පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ යුරෝ මිලියන 234ක් වෙන් කරන ලෙසයි.