තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්
පළාත් පාලන මැතිවරණයට අදාළව පසුගිය දින දෙක තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසයි.
කෙසේ වුවත්, එම දින දෙක තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවූ බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ට ලබන 28 සහ 29 යන දිනවල ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.