අරගලයේ ප්‍රබල සාමාජිකයෙක්ගෙ ගණිකා නිවාසයේ සිටි සුරූපී තරුණියගෙ පහස ගත් අයට රතු එළියක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Galle Face Protest
By Aruna Jun 22, 2023 04:32 AM GMT
Aruna

Aruna

Report

අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

මෙම ගණිකා මධ්‍යස්ථානයෙන් කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කාන්තාවකට ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බවට සැකපිට අරගල ක්‍රියාකාරිකයා ඇතුළු පුද්ගලයන් හත් දෙනකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබූවේ අඟුරුවාතොට රෙමුණ වැව අසලදීයි.

කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අරගල ක්‍රියාකාරිකයකු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගැණුනා.

පොලිසිය පවසන්නේ, ජාවාරම මෙහෙයවන ලද අරගල ක්‍රියාකාරී සාමාජිකයා මීට මාස තුනකට පමණ ඉහත දී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියානේ සිල්ලර වෙළඳසැලක් හිමි ව්‍යාපාරිකයා වෙළඳසැල වසා නිවස කරා යාමට බස් නැවතුමේ සිටියදී ඔවුන් සන්තකයේ තිබූ මුදල් බෑගය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙක් බවයි.