ලංකාවේ ජාතික වනෝද්‍යානයක ලොකු ප්‍රශ්නයක්

Report

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වෙනුවෙන් වහාම විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන මෙන් දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

මෙසේ මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත්තේ විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීම සහ අගෝස්තු නිවාඩු සමයත් හේතුවෙන්.

එනිසා ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවට චෝදනා ලැබෙයි.

එසේම මේ ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් ද චෝදනා කර ඇත.

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

තවද ප්‍රවේශපත් ලබාදීමට සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම අඳාළ තත්ත්වය උද්ගතවීමට හේතු වී තිබෙන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය හරහා ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවැනි තත්ත්වයක් තිබීම කනගාටුදායක තත්ත්වයකි.

ලබන සතියේ දැවැන්ත විරෝධයක් විශ්‍රාමික මන්ත්‍රීවරු පාරට

ලබන සතියේ දැවැන්ත විරෝධයක් විශ්‍රාමික මන්ත්‍රීවරු පාරට