අධිවේගයේ මහා මුදල් කොල්ලයක්...

Sri Lanka Money Highways In Sri Lanka
By Parami Dissanayake Jun 25, 2024 06:21 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දී රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පවසා සිටිනවා.

මෙම වැඩතහනම සිදු කර ඇත්තේ, අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂක ,අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා විසින් ය.

අශ්වයෙකුගේ පහර කෑ බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ කුමරිය...(VIDEO)

අශ්වයෙකුගේ පහර කෑ බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ කුමරිය...(VIDEO)

2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවති අවස්ථාවේදී ද විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපා ද ඉතා කූට අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 කු සේවයේ යෙදෙන අතර එයින් 22 කු මෙම වංචාව සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

රුසියන් ප්‍රබලයින් දෙදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්...

රුසියන් ප්‍රබලයින් දෙදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්...

එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මහා පරිමාණ මුදල් වංචාව එකි කාලය තුල සිට සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.   

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%