"අලුත් අවුරුදු SMS එකට මිලියන 98ක්?- කොට්ටහච්චිගේ චෝදනාව රනිල් ප්‍රතික්ෂේප කරයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජනතාවට යවන ලද අලුත් අවුරුදු කෙටි පණිවුඩ සඳහා රුපියල් මිලියන 98ක් වැය වූ බවට එල්ල වන චෝදනා ඔහුගේ කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනාධිපති කාර්යාලයට අනුයුක්ත දිනුක් කොළඹගේ පවසන්නේ, පෙර ජනාධිපතිවරුන්ගේ අවුරුදු ප්‍රාර්ථනා පණිවිඩ මහජනතාවට නොමිලේ යවා ඇති බවයි.

නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

“මෙය විදුලි සංදේශ සැපයුම්කරුවන් විසින් නොමිලේ සපයන සේවාවකි,” යැයි ඔහු තම X ගිණුමේ ප්‍රකාශයක සඳහන් කර ඇත.

හෙල්මට් දාගෙන පයින් එහෙ මෙහෙ ගියොත් පොලිසියට චෙක් කරන්න නියෝහ!

හෙල්මට් දාගෙන පයින් එහෙ මෙහෙ ගියොත් පොලිසියට චෙක් කරන්න නියෝහ!

පසුගිය වසරේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩ යැවීමට රුපියල් මිලියන 98ක් වැය වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි හෙළිකිරීමෙන් පසු ඔහු මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.