නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා
By Shehan
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.
විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විට ලක්ෂ 3කට වැඩි සැදැවතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටින බැවින් මෙම තීරණය ගත් බවයි.
තවදුරටත් සැදැවතුන් නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.